නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙසින් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත්කිරීමට ජනපත මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ සඳහා වන පත්වීම් ලිපිය අද (24දා) අමාත්‍යවරයාට බාර දුන්නේය. නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.