මහසෙන් රජතුමා (ක්රි.ව.276 – 303) විසින් නිර්මාණය කරන ලද බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන අනුරාධපුර ජේතවන දාගැබ් වහන්සේ විකෘති කර, ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පළකර තිබෙන බවත්, ජේතවන දාගැබ් වහන්සේට අවමන් කර ඇති මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙසත් ඉල්ලා ජාතික හෙළ උරුමය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඊයේ (25දා) පැමිණිලි කර තිබේ.
මෙය බෞද්ධයන්ගේ සිත් වේදනාවට පත් කරන, බුදු සසුනට නිගාදෙන, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට අපහාස කරන ලද ඡායාරූපයක් බවද එම පක්ෂය පොලිස්පතිවරයාට පෙන්වා දෙයි.ජාතික හෙළ උරුමයේ සම සභාපති දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිස්පතිවරයාට දැඩිව අවධාරණය කරනුයේ සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සඳහා කඩිනම් ක්රියාමාර්ග ගැනීමෙන් පමණක් බවයි.
එම පැමිණිල්ල මගින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනුයේ මුවිඳු බිනෝයි නම් අයෙකු සහ නිළියක වන සමනලී ෆොන්සේකා මෙම ඡායාරූපය අන්තර්ජාලයේ (මුහුණු පොතේ) දැක්වෙන පරිදි ප්රචාරණයට අනුග්රහය දක්වා ඇති බවයි.