විදුලිය විසන්ධි වූ අවස්ථාවේ නිවසේ විදුලි ජනක යන්ත්රයක් ක්රියාත්මක කිරීමෙන් පසු මාතර,දෙයියන්දර,රොටුඹ ප්රදේශයේ එකම පවුලේ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පවසන පරිදි ඉකුත්දා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් එම ප්රදේශයේ විදුලිය විසන්ධි වීඇති අතර, මියගිය අය සිටි නිවස ජෙනරේටරයක් ගෙනැවිත් විදුලිය ලබාගෙන තිබේ.
එහිදී ජෙනරේටරය තුළින් පැමිණි කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්රාණය වීමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.