ජීවතුන් අතර සිටින විශ්රාමික කාන්තාවක් මියගිය බවට ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම නිසා බැංකුවෙන් විශ්රාම වැටුප් අත්හිටුවීමේ පුවතක් හබරණින් වාර්තා වේ.
හබරණ පදිංචි විශ්රාමික සාත්තු සේවිකාවක වන ඩී. එම්. සීලවතී මැණිකේ (74) මහත්මිය මෙම ගැටලුවට මුහුණ පා සිටින්නීය.
ඇය අසනීප තත්වයේ පසුවීම නිසා මහනුවර දරුවකුගේ නිවසේ ප්රතිකාර ලබමින් සිටින අතර ඇයගේ වැටුප හබරණ මහජන බැංකුවට ලැබෙන අතර මාස කීපයක් ඇය මුදල් ලබාගෙන ඇත්තේ කාඩ් පතකිනි.
එකවරම ගිණුමේ මුදල් නොමැති වීම නිසා සොයා බලද්දී හබරණ බැංකුවෙන් දැනුම් දී ඇත්තේ ඇය මියගිය බවට හිඟුරක්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැන්වීම නිසා වැටුප හා පෙර ලබාගෙන ඇති වැටුප් නැවත අයකළ බවය.