ජිනීවා මානව හිමිකම් සැසිවාරයට තමන්ට සහභාගී වීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමටපියවර ගන්නා බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිනී ආනන්දි ශෂිධරන් මහත්මිය යාපනයේදී පවසා සිටියාය.
ඇය මේ බව සඳහන් කළේ මෙරට සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු යැයි පවසමින් කිලිනොච්චියේ සිට යාපනය දක්වා ආරම්භ කොට ඇති පාගමන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
ජිනීවා සමුළුවට තමන්ට පෞද්ගලිකව සහභාගී වීමට අවශ්‍යතරම් ඉඩකඩ ඇතත්, එසේ සහභාගී වීමෙන් ලැබෙන ප්‍රයෝජන අඩු බැවින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතවරියක වශයෙන් මෙම සමුළුවට සහභාගීවීමට අවශ්‍ය බවද ඇය සඳහන් කළාය.
නමුත් මේ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටීම නිසා තමන්ට ජිනීවා මානව හිමිකම් සම්මේලනයට සහභාගී වීමට අවස්ථාවක් ලබානොදෙන්නේ යැයි විශ්වාස බව ප්‍රකාශ කළ ආනන්දි ශෂිධරන් මන්ත්‍රීවරිය මෙවැනි දේශපාලන වාසි හා අරමුණු මත දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වළලා දැමීමට දෙමළ ජාතික සන්ධානය ගෙනයන වැඩපිළිවෙළ තමන් කිසිසේත්ම අනුමත නොකරන බවද කියා සිටියාය.