ජාතිවාදී අරගල පසුපස දේශපාලන වුවමනාවක් තිබෙනවා
වර්තමානයේ ඇතිවී තිබෙන ජාතිවාදී අරගලය පිටුපස දේශපාලන වුවමනාවක් තිබෙන බවත්, එය ජාතිවාදය උත්සන්න කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (07දා) මහනුවරදී පැවසීය.
බලයේ සිටින පිරිස් බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත්, බලය අහිමි වූ පාරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම වෙනුවෙනුත් මෙය ප්‍රයෝජනයට ගන්නා බව ඒ මහතා පවසා සිටියේය.
අනුර කුමාර මහතා මෙසේ පැවැසූයේ අද (07දා) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ඉන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ජාතිවාදී කෝලාහල කිසිසේත්ම අපේ රටේ ජනතාවට හෝ අප රටට හිතකර තත්ත්වයක් ඇති නොවන බව මහනායක හිමියන් පෙන්වා දෙනු ලැබූ අතර, මේ තත්ත්වයන් වර්ධනය වන්නට ඉඩ නොදී සැමදෙනාම සාමකාමීව හැසිරිය යුතු බවත්, ජාතිවාදී ගැටුම් කිසිසේත්ම ප්රථිඵලයක් නොවන බවත්, සෑමදෙනාම ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් මහනායක හිමියන් අවධාරණය කළ බව ඒ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


