ජාතිවාදී ප්රවණතාවන් යනු ලංකාවෙත්, ලෝකයෙත් අඩුම මුදලකට මිලදීගත හැකි බවත්, එහෙත් එතුළින් විශාල විනාශයක් සිදු විය හැකි බවත් සමාජවාදී තරුණ සංගමය සඳහන් කරයි.
මහනුවරදී පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් හුදෙකලා සිදුවීම් නොවන බවත්, එය පසුගිය ආණ්ඩු කාලයේදී සේම වර්තමාන ආණ්ඩු කාලයේදීත් සිදු වූ සිදුවීම්වල ප්‍රතිඵල බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම සිද්ධිවලට සමාජ ජාල තහනම් කිරීමෙන් උත්තර සෙවිය නොහැකි බවත්, මේ නිසා ජාතික සමගිය වෙනුවෙන් ආණ්ඩුව විදිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.