තමන්ගේ ජාතියට ආරක්ෂාව ලබාදීම අතින් මුස්ලිම් ඇමතිවරුන් ‘ෆේල්‘ බව බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්යක්ෂ දිලන්ත විතානගේ මහතා අද (13දා) පැවසීය.
තව දුරටත් එවැනි ඇමතිවරුන් ආණ්ඩුවේ රැඳී සිටීම ඵලක් නොවන බවත්, වහාම ඔවුන් ඉල්ලා අස්විය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
රාජගිරිය නාවල පාරේ පිහිටි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිලන්ත විතානගේ මහතා සඳහන් කළේ තමන්ගේ පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීමට නොහැකි නායකයන්ට රටේ සංහිඳියාව ඇතිකළ නොහැකි බවයි.
ඕනෑම පාර්ශ්වයක් සමග සාකච්ඡා කර ප්‍රශ්න විසඳා ගැනීමට බොදුබල සේනා සංවිධානය සූදානම් බවත්, පසුගිය කාලය පුරා දේශීයව හා ජාත්‍යන්තරයේදී එවැනි සාකච්ඡා වට ගණනාවකට තම සංවිධානය සහභාගි වූ බවත් හෙතෙම පැවසූයේය.