ශ්රී ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 09කට ජාතික හැඳුනුම්පත් නොමැති බවත්, මේ පිරිසෙන් ලක්ෂ 06කට අධික ප්රමාණයකට ජාතික හැඳුනුම්පතට අමතරව ඡන්දය භාවිත කිරීමට අදාළ වලංගු හැඳුනුම්පතක් හෝ නොමැති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේනිසා ප්රධාන වශයෙන් ඉදිරි ජාතික මැතිවරණයකදී ලක්ෂ 06කට අධික ප්රමාණයකට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ජාතික හැඳුනුම්පත් නොමැති ප්රමාණයෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්රික්කයෙන් බවත්, ආසන්න වශයෙන් එම දිස්ත්රික්කයේ 90,000කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නැතැයි වාර්තා වන බවත් ඔහු පවසා සිටියේය.