ජාතික හැඳුනුම්පත් නොමැති කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද ගණන් කිරීමේ ස්ථානවලට හෝ ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මේ වනවිට සිදුකළ සොයා බැලීමකට අනුව අපේක්ෂකයන්ගෙන් 10෴කට ආසන්න ප්‍රමාණයකට තිබෙන්නේ විදේශ ගමන් බලපත්‍ර හෝ දුර්වර්ණ වූ ජාතික හැඳුනුම්පත් බවටද තහවුරු වී ඇත.
මීට අමතරව අපේක්ෂකයන්ට නිකුත් කර ඇති හැඳුනුම්පත උපයෝගි කරගෙන ඡන්දය භාවිත කිරීමට ඉඩ ලබා නොදීමටද තීරණය කර ඇත.
ඉදිරි මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පත, වලංග රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රාජ්‍ය සේවක හෝ විශ්‍රාම හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත යන ඒවායින් එකක් හෝ ඇති පිරිස්වලට පමණක් ඡන්දය භාවිත කිරීම සඳහාට ඉඩ ලබාදීමට තීරණය කර ඇත.
මෙහිදී ප්‍රධාන හඳුනාගැනීමේ පත්‍ර නොමැති පිරිස් වෙත ජනවාරි 02 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා කාලය තුළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමටද කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මීට අමතරව පසුගිය ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ තාවකාලික හැඳුනුම්පත් භාවිත කිරීමට ඉඩ ලබාදෙනවාද යන්න පිළිබඳවද ඉදිරි දිනවල තීරණයක් ගැනීමට නියමිතය.
මැතිවරණය පදනම් කරගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පත් ලබාදීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළහොත් ඊට අවශ්‍ය සහයෝගය හෝ ප්‍රතිපාදන ලබාදීමටද කොමිෂන් සභාව තීරණය කර තිබේ.