ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජනපදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැරවීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ පක්ෂය තුළි රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවත්, තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ අද (01දා) පෙරවරුවේ මෝදර, කිඹුලාඇල ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්ඩ ප්රදානය කිරීමේ උත්සවයකට සහභාගී වී මෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.