ජාතික රණවිරු සැමරුම් උලෙළ අටවැනි වරටත් අද(19දා) දිනයේදී පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 4.00 රණවිරු සමරුම් උත්සවය ආරම්භකිරීමට නියමිතව ඇති අතර, ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අගමැති රනිල් වික්රමසිංහ මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ ත්රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ක්රියාන්විතයේදී දිවිපිදූ රණවිරු පවුල්වල සාමාජිකයන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහරදැක්වීම සඳහා මෙම අවස්ථාවට සහභාගීවන බව රණවිරු සේවා අධිකාරිය පැවසීය.
ජාතික රණවිරු සමරුම රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කරනු ලබයි.