ජාතික පුෂ්පය මානෙල් වෙයි
ශ්‍රී ලංකාවේ මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින් වූ නිල් මානෙල් මල වෙනුවට මානෙල් මල ජාතික පුෂ්පය ලෙස හඳුන්වාදී තිබේ.
ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කර ඇත්තේ, ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවය.
විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා වී තිබේ.
නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන්වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද ඇති වී තිබුණි.
වර්තමානයේ භාවිත වූ නිල් මානෙල් මල විදේශීය පුෂ්පයක් වන අතර, ඒක දේශික පුෂ්පයක් වන සුදු හා ලා නිල් පැහැති පෙතවලින් සමන්විත නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර තිබුණි. මෙම මානෙල් මල වියළි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතින්නකි.
ශ්‍රී ලංකාවට ආවේණික වූ මානෙල් මලෙහි රේණු සංඛ්‍යාව අඩු බව පවසා ඇති අබේකෝන් මහත්මිය මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරීම සදහා පුළුල් වැඩසටහන් සකස් කරන බවද පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

