ජාතික ක්‍රීඩා උලෙළේදී ලක්ෂ 50 ක වංචාවක්
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරියගෙන් වංචා විමර්ශනයට පැමිණිල්ලක්
ජාතික ක්‍රීඩා උලෙළේදී රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් පිළිබඳව කොළඹ වංචා විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මෙහිදී සිදු වූ බව කියන ඇතැම් වියදම් සම්බන්ධ චෙක්පත් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ගණකාධිකාරීවරයා විශාල හදිසියකින් කටයුතු කිරීම හේතුවෙන් මෙම සැකය ඇතිවූ බව කියමින් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය කළ පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන අංශය මෙම පරීක්ෂණය ආරම්භ කොට ඇත.
තමාගේ අනුමැතියකින් තොරව ක්‍රීඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරී එම්.බී.එස්. පෙරේරා මහතා රුපියල් 50,90,340.80 ක චෙක්පත් නිකුත් කොට ඇති බව රංජනී ජයකොඩි මහත්මිය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
කොළඹ වංචා විමර්ශන අංශය රංජනී ජයකොඩි මහත්මියගේ පැමිණිල්ල පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම්දෙමින් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවද දැනුම් දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

