ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාව මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර පිරිනැමීම පිටුපස සැගවුණු අරමුණු කිහිපයක් පවතින බවත් ඉකුත් ආණ්ඩුව සමයේ දූෂණ චෝදනා එල්ල වු පිරිසට දඩුවම් ලබාදීම වැලැක්වීමේ අරමුණින් මෙම ජාතික ආණ්ඩුව පිහිටුවා ඇති බවත් හෙතෙම පැවසුයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.