අලුතෙන් පත්වූ ජාතික ආණ්ඩුවට සුබ පතන බවත්, යුද සමයේදී තමන් ජාතික ආණ්ඩුවක් පිළිබඳව කතා කළ විට ඇතැම් පිරිස් එය විහිලුවට ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ අද (22දා) පැවැති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
ජාතික ආණ්ඩුවේ හිතකර බව ඉදිරියේදී බලාගත හැකි බව පැවැසූ හිටපු ජනපතිවරයා, තමන් හිටපු ජනපතිවශයෙන් දේශපාලන තීරණ තින්දු නොගන්නා බවද පැවැසීය.