ජාතික අධ්‍යාපන අධ්යක්ෂ ජනරාල් ඉවත් කරයි
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙන බව වාර්තාවෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව එම ආයතනයේ කාර්ය මණ්ඩලය පෙරේදා දැක්වූ විරෝධතාවට ප්‍රතිචාර වශයෙන් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවද වාර්තාවෙයි.
කැනඩාවේ ඔටාවා නුවර ජාතික අධ්‍යාපන සංවර්ධන ආයතනයේ ප්‍රධානියා ලෙස ඉතා ඉහළ වැටුපට සේවය නියැලී සිටි මෙම මහාචාර්යවරයා තම මවු රටට පැමිණ ඇත්තේ තමා උපන් දේශයේ අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් කිරීමේ අරමුණෙනි.
එය ගතවූ වසරකට අධික කාලයක තුළ මූල්‍යමය වශයෙන් මෙන්ම ගුණාත්මක වශයෙන්ද ජාතික අධ්‍යාපන ආයතනය තුළින් ප්‍රකට වූ බවට ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික සේවක සංගමයේ මහලේකම් චන්ද්‍රසිරි රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
එම අසාධාරණ නීතියට එරෙහිව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කරන අතර, සාධාරණ විනිශ්චයක් පතා තමා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා පැවසීය.
අමිල සංකල්ප
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

