ශ්‍රී ලංකාව එක්සත් බවත්, යුද්ධයේදී සිදු වූ බව කියන යුද අපරාධ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට විරුද්ධ බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
එංගලන්තයේ අයි.බී. ටයිම්ස් පුවත්සේවයට අදහස් දක්වමින් ඇය සඳහන් කරන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණය දේශීය විය යුතු බවයි.
එසේම ජනපතිගේ එංගලන්ත සංචාරය අතරතුරදී චැනල් ෆෝ නාළිකාවේ කැලම් මැක්රේ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට උත්සාහ කළ 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටයේ සිංහල වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කරන්නේ කැලම් මැක්රේට තොරතුරු ඇත්නම් එය විමර්ශකයන්ට ලබාදිය යුතු බවයි.