ජාත්‍යන්තර ප්‍රශ්නවලට පිළිතුරු බෞද්ධ දර්ශනයේ තිබෙනවා
ලෝකයේ ඇතිව තිබෙන සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු සඳහා විසඳුම් ථේරවාදී බෞද්ධ දර්ශනයේ පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ සමාරම්භක උත්සවය අමතමින් ජනපතිවරයා අද (12දා) මෙම අදහස් දැක්වීය.
"ඉතිහාසයේ මතක සටහන් සිහිපත් කරමින් නැවතත් වර්තමානයේ බෞද්ධ දර්ශනයේ පණිවුඩය රැගෙනයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ.
ලෝකයේ ඇතිව තිබෙන සමාජ, ආර්ථික, දෙශපාලන ප්‍රශ්න සියල්ලටම විසඳුම් ථේරවාදී බෞද්ධ දර්ශනයේ පෙන්වා තිබෙනවා.
ධර්මයෙන් ජිවත් වන්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම අනුව බොහෝ දෙනෙකු මේ වෙසක් දිනය ගැන හොයන්න පටන් ගනීවි. එවිට ඔවුන් බෞද්ධ දර්ශනයේ අගය වටහා ගනීවි.
ලෝකයේ ගැටුම් සන්සුන් කරන්න නිරාකරණය කර ගන්න මේ ධර්මය තුළ ඉගැන්විම් තිබෙනවා"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
