ජාත්‍යන්තර නව නිපැයුම් සහ තාක්ෂණික ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.එම්. තාරුක දිල්ෂාන් කුමාර හේරත් සිසුවාට හිමිව තිබේ.
ඔහු මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පැවැති මෙම තරගයෙන් රන් පදක්කමක් හිමිකර ගෙන ඇති අතර, මෙම තරගයට රටවල් 53ක තරගකරුවන් 263ක් සම්බන්ධ වී තිබේ.
මාවතගම, ඉඟුරුවත්ත නැමැති දුෂ්කර ගම්මානයක උපන් තාරුක දිල්ෂාන් අයිටෙක්ස් තරගාවලියට ඉදිරිපත් කර තිබුණේ අන්ධ පුද්ගලයන්ට මග පෙන්වන ආලෝක සැරයටියකි.
ඉඟුරුවත්ත ගම්මානයේ පදිංචි එච්.එම්.ඩබ්. කුමාර මහතාගේ සහ ස්වර්ණලතා මහත්මියගේ දරුවෙකු වන තාරුක දිල්ෂාන් සිසුවා පිළිගැනීම සඳහා ඉඟුරුවත්ත ගම්මානය ජනතාව විසින් ඊයේ (14දා) සවස උත්සවයක් සංවිධානය කර තිබිණි.
ඉඟුරුවත්ත ධම්මානන්ද දහම් පාසලේ හිමිපාණන් වහන්සේලා සහ දෙමව්පියන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට ඉඟුරුවත්ත, කොටවෙහෙර විහාරාධිපති ඊරිමින්නේ ගුණානන්ද හිමි, උග්ගල්පාය විහාරාධිපති මාවතගම ධර්මප්‍රිය හිමි, කැටවල පියනන්ද හිමි හා මාවතගම කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ සමන් ඉන්ද්‍රරත්න වටරැක මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්. විජේසිරි හේරත් සහ ගම්වාසීහු පිරිසක් එක්ව සිටියහ.
මාවතගම - ෂේන් ගලතරේ