ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වූ මහා පරිමාණ කසළ තේ ජාවාරමක් නිසා 'සිලෝන් ටී' නාමය බරපතළ ලෙස තර්ජනයකට ලක් වී තිබේ.
ජාත්‍යන්තර වශයෙන් රටවල් රැසකට කසළ තේ විශාල ප්‍රමාණයක් අපනයනය කර ඇති බවට තොරතුරු තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී ඇති අතර, එහිදී පසුගිය මාස 18ක කාලයේ දී පමණක් කසළ තේ අඩංගු කන්ටේනර් 300ක් අපනයනය කර ඇති බවටද තොරතුරු තහවුරු වී තිබේ.
එම කන්ටේනර් 300ක ප්‍රමාණයට අනුව අවම වශයෙන් කසළ තේ කිලෝ ග්‍රෑම් ලක්ෂ 45කට ආසන්න හෝ ඊට වැඩි ප්‍රමාණයක් එම කාලයතුළ අපනයනය කර ඇති බවට රේගු විමර්ශන අංශ විශ්වාසය පල කරයි.
මෙම කසළ තේ තොගය අපනයනය කර ඇත්තේ කොහුබත්, නිමි ඇඳුම්, කොප්පරා රැගෙන යන බව පවසමින් බව හෙළිවී ඇතැයි රේගු නිවාරණ අංශය සඳහන් කරයි. පසුගිය වසර එකහමාරක කාලය තුළදී මෙම ජාවාරම සිදුකර ඇති බවත් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් රේගු නිවාරණ අංශය සඳහන් කරයි.
මෙලෙස රැගෙන ගිය කන්ටේනර්වලින් 71 ජර්මනියට රැගෙන ගොස් තිබෙන බවට හෙළිවී ඇති බවත්, ඉතිරි සියලුම කන්ටේනර් ඩුබායි හරහා මැද පෙරදිග රටවලට රැගෙන ගොස් තිබෙන බව එම අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.
මෙලෙස රැගෙන ගිය කන්ටේනර්වලින් 20ක් මෙරටට නැවතත් රැගෙනවිත් එම ප්‍රමාණයෙන් කන්ටේනර් 09ක් ඊයේ (25දා) ඔරුගොඩවත්ත රේගු අංගණයේදී විවෘත කළ අතර, එහිදී විවෘත කළ කන්ටේනර් 09 ම කසළ තේ අඩංගු බවට රේගු නිලධාරීන් සහ තේ පර්යේෂණ ආයතනයේ නිලධාරීහු තහවුරු කර ගනු ලැබූහ.
එම අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කණ්ඩායම් තුනක් විසින් මෙම ජාවාරම සිදුකර තිබෙන බවට හෙළි වී තිබෙන බවත්, එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකුත් ඊයේ (25දා) වනවිට අත්අඩංගුවට ගත් බවත්ය.
විවෘත කළ කන්ටේනර් 09 තුළ රුපියල් කෝටියකට අධික කසළ තේ තිබූ බවත්, දැනට ලංකාවට ගෙන්වා තිබෙන ඉතිරි කන්ටේනර් ඉදිරියේදී විවෘත කිරීමට කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
මීට අමතරව අනෙකුත් කන්ටේනර්වලට සිදුවී තිබෙන දේ පිළිබඳව පරීක්ෂණ කරන බවත්, ඒ හරහා එම කන්ටේනර්වල රැගෙන ගියේ කුමන භාණ්ඩද යන්න සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත් මෙම කසළ තේ ජාවාරම නිසා ශ්‍රී ලංකාවේ %සිලෝන් ටී^ නාමයට බරපතල තර්ජනයක් ලක්වන බවත් පරාක්‍රම බස්නායක මහතා පවසා සිටියේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප සමන්ත පෙරේරා