ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා අත්සන් ලක්ෂයක සැලැස්මක්
යුද සමයේදී මෙරට සිදුවූවායි පැවසෙන යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සෙවීමට ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍ය යැයි පවසමින් අත්සන් ලක්ෂයක් ගෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයට ඉදිරිපත් කිරීමට උතුරේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් පියවර ගෙන ඇත.
මන්නාරම් පුරවැසි කමිටුව විසින් ඊයේ (03දා) සවස මන්නාරම් බසාර් වීදියේදී මන්නාරම් ජනතාවගෙන් අත්සන් ලබාගැනීම සිදුවූ අතර, මීට පෙර යාපනයේදී සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම අත්සන් ගැනීම සිදුකෙරිණ.
අත්සන් ගැනීම සංවිධානය කළ මන්නාරම් දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සාමාජිකයන් එහිදී වැඩි දුරටත් පැවසුවේ, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව පසුගිය කාලයේ ජාත්‍යන්තරයෙන්ද රජයට බලපෑම් එල්ල වුවත් ඒ පිළිබඳව රජය පිළිගත හැකි විසඳුම්ක් ලබා නොදුන් බවත්, අදාළ කරුණ සම්බන්ධයෙන් පැවති රජය මෙන්ම වත්මන් රජයද මගහැරීම හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජාත්‍යන්තර අධිකරණය අවශ්‍යතාව ඉල්ලුම් කෙරෙන අත්සන් ලක්ෂයක් ගෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙතට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


