ජාගකොස සභාපතිට එරෙහිව මානව හිමිකම් යයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එම ආයතනයේ සේවකයෙකුට අමානුෂික පහරදීමක් සිදුකළත්, ඔහුට එරෙහිව පොලීසිය නීතිය ක්රියාත්මක නොකළ බව පවසමින් පහරකෑමට ලක්වූ සේවකයාගේ පිරිස් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සුරැකීමේ සංවිධානය අද (24දා) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පසුගිය 18 වැනිදා සිදුවූ මෙම පහරදීම හෙතුවෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බෙල්ල ප්ර‘දේශයට හානි සිදුව තිබෙන බවත්, මේ නිසා ඔහු තවමත් රෝහලේ ප්රතිකාර ලබාගන්නා බවත් සේවකයාගේ පවුලේ පිරිස් පවසති.
අදාළ පහරදීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියට එදිනම පැමිණිලි කළත්, නීතිය තවමත් නිසියාකාරව ක්රියාත්මක නොවූ බැවින් රටේ නීතිය ක්රියාත්මක කර තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙසද පවුලේ පිරිස් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි බවද ඔවුහු පවසති.
මීට අමතරව පොලීසිය නිසියාකාරව කටයුතු නොකළ නිසා ඒ පිළිබඳව අද සවස පොලිස්පතිවරයාටත් පැමිණිලි කරන බවත් පවුලේ පිරිස් සඳහන් කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

