ජවිපේ ප්‍රතිපත්තිය ගැන විමල් කියයි
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේදී පැත්තක් ගෙන නොමැති බවත් ඔවුන් අනුගමනය කරන්නේ අන්න සතා මෙන්න පොල්ල, මං සිල් ගත්තා කියන අලුත් ප්‍රතිපත්තිය යටතේ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සරත් ෆොන්සේකාගේ මැතිවරණ රැලිවලදී කරට ගෙන කටයුතු කළේ ජවිපෙ වුවද, මෙවර එසේ නොකරන බවත් 'සිරිසේනගේ කඩේ බඩු ෂුවර් නැති බව' ජවිපෙ දන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
"ජනතාව අතර බිම් මට්ටමේ සිට පිබිදීමක් නෑ. එදා ෆොන්සේකව කරට අරන් ජවිපෙ දිවුවා. නමුත් මෙවර ඔවුන් එහෙම කරන්නේ නෑ. එය පාපයක් බව ජවිපෙ දන්නවා. කඩේ කට්ටිය ගැනත්, කඩේ අයිතිකාරයා මෛත්‍රී වුණත් අනිත් අයත් කඩේ ඉන්නවා. කඩේ බඩු ගත්තොත් වෙන දේ ජවිපෙ දන්නවා. ඒ නිසා ඒ පාපෙට කරගහන්න මෙවර ඔවුන් සූදානම් නෑ. ඔළු දෙකේ සත්තු දෙන්නා හැපෙන බවත් මේ අය දන්න නිසා ජවිපෙ වැඩ කරන්නේ 'අන්න සතා මෙන්න පොල්ල, මං සිල් ගත්තා' කියන අලුත් ප්‍රතිපත්තියෙන්. සතත් ඉන්නවා. මසුත් ඕනේ. නමුත් මැරුවොත් පවු නිසා පරිස්සමෙන් වැඩ කරනවා.
විපක්ෂය කටවුට් ගහන්න දෙන්නේ නෑ, ප්‍රචාරණ කටයුතු කරන්නේ නෑ වගේ දේවල් කියන්නේ බැරිකම වහගන්නයි. යූ ඇන් පී කාරයෝ මෛත්‍රීට කටවුට් ගහන්න එන්නේ නෑ. ඇත්තම කතාව ඔවුන්ට කටවුට් ගහන්න කෙනෙක් නෑ." යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

