තොරතුරු දැනගැනීමේ පනත යටතේ බැඳුම්කර කොමිෂන් වාර්තාව හා බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා 17ක්ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
මේ අනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට බාරදී තිබෙන වාර්තාවේ පිටපත් ලබාගැනීම ඉල්ලීම හෙට(02දා) පක්ෂයේ නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදුකිරීමට සැලසුම් කර ඇත.
ඒ යටතේ අදාළ ඉල්ලීම් පත්රය හෙට ජනාධිපති ලේකම්වරයට භාරදීමට නියමිතය.