ආණ්ඩු විරෝධී ජනතාවගේ මනාපය තමන් වෙත ලබාගෙන එසැණින් නැවත ආණ්ඩුවට එකතුවීමේ කොන්ත්‍රාත්තුව ජනතා විමුක්ති පෙරමුණ විසින් නොකඩවා සිදුකරන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී අද (09දා) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි .
එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදුකරනු ලබන සමස්ත අපරාධයටම ජනතා විමුක්ති පෙරමුණද පැහැදිලිවම වගකිව යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් එහිදී පවසා සිටියේය.