ශ්‍රී ලංකාවේ ජලාශවල වැවෙන ආක්රමණික ජලජ පැළෑටි ඉවත්කිරීමට ප්‍රථම වරට ජලජ පැළෑටි ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක් ආනයනය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය තීරණය කර ඇත.
වැව් ඇතුළු ජලාශ හා ඇළ මාර්ගවල වැවෙන සැල්වීනියා වැනි ජලජ පැළෑටි ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක් ( Water born Debris Collectors- Aquatic Weed Harvester) මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (02දා) පස්වරුවේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
රජය මගින් මෙම යන්ත්‍ර මිලදී ගැනීමට තීරණය කරන ලද්දේ පළමුවරට බවද අමාත්‍යවරයා පවසයි.
මෙම එක් යන්ත්‍රයක් රුපියල් මිලියන 10ක් පමණ වන අතර මෙම යන්ත්‍ර මිලදී ගැනීම මගින් ධීවර කර්මාන්තයට පමණක් නොව කෘෂිකර්මාන්තයට මෙන්ම තවත් අංශ ගණනාවකට ඉන් ප්‍රයෝජන ඇතිවන බව අමාත්‍යාංශය පවසයි.