සියලුම ජල බිල්පත් තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට අද (18දා) ජල සම්පාදන මණ්ඩලය හා තැපැල් දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක් අත්සන් කර තිබේ.
මේ අනුව ජූනි පළමුවන දින සිට ජල බිල්පතකට රුපියල් 05ක අතිරේක මුදලක් ගෙවීම යටතේ ජලබිල්පත් ගෙවීමට අවස්ථාව හිමිව තිබේ.
මේ වනවිට බැංකු හා වෙනත් ආයතනවලින් ජල බිල්පත් ගෙවීමේදී අතිරේක ගාස්තුව ලෙස රුපියල් 15ක මුදලක් ගෙවීමට සිදුව තිබේ.