උතුරු පළාතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම හා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ජර්මානු රජයෙන් යුරෝ මිලියන 04 ක හා යුරෝ මිලියන 5.5 ක අධාර ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමු වී තිබේ.
මෙම ව්‍යාපෘතිවල අතිරේක කටයුතු සඳහා තවත් යුරෝ මිලියන 06 ක ශිල්පීය ආධාර සැපයීමට ජර්මානු රජය එකඟතාව පළකර ඇත. අද පැවති කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඔුක්වැල්ල මහතා මේ බව පැවසීය.