ජපන් පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් යුද හමුදා රාජකාරි සඳහා ගිලන් රථයක් සහ ගිනිනිවන රථයක් පරිත්‍යාග කිරීම පසුගියදා නාරාහෙන්පිට,යුද හමුදා රෝහලේ දී සිදුවිය. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් මෙම උත්සවයේදී ජපානයේ තේමීය ගුණතිලක හා ශ්‍රී ලංකාවේ ඩබ්.එල්.එස්.එන්. සිරිවර්ධනගේ සම්බන්ධීකරණය මත අනෙකුත් සියලු ජපන් නියෝජිතයන් වෙනුවෙන් Okazawa Juuki Service Co Ltd සභාපති හිරෝෂිගේ ඔකසාවා විසින් මෙම රථ දෙක පරිත්‍යාග කරන ලදි.
එහිදි යුද්ධ හමුදාධිපතිතුමා විසින් ජපන් නියෝජිත පිරිස වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදි.