ඊසානදිග ජපානයට බලපා ඇති අධික වර්ෂාවත් සමග දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, පුද්ගලයන් 90,000කට පමණ උන්හිටි තැන් අහිමි වී තිබේ.
ටෝකියෝ අගනුවරට උතුරින් පිහිටි ජෝසෝ නගරය ගංවතුරින් දැඩි පීඩාවකට පත්ව ඇති නගරය ලෙස සැලකෙන අතර, කිනුගාවා ගංගාවේ ඉවුරු කැඩී යාම මීට හේතු වී ඇත.
ඒ අනුව, ගංවතුරට කොටුවී නිවාසවල වහල මත සිටින මිනිසුන් බේරාගැනීම සඳහා හෙලිකොප්ටර් යොදා ගනිමින් මෙහෙයුම් සිදුවන බව කියයි.
මෙම කලාපයේ පමණක් ගංවතුර හේතුවෙන් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර, තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
පැයට කිලෝමීටර් 125ක පමණ සුළං සමග ඇති වූ නිවර්තන කුණාටුවෙන් දිනකට පසුව අධික වර්ෂා තත්ත්වය ඇති වි තිබේ.
.jpg)
.jpg)