පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අද (10දා) පෙ.ව. ලැබුණු තොරතුරක් මත 293 හංවැල්ල, හෝමාගම බස් මාර්ගයේ ජල්තර විද්‍යාලය අසල ඩෙන්වර් එස්ටේට් පාරේ දමා ගිය වාහනයක් හංවැල්ල පොලීසිය විසින් සොයාගන්න ලදී.
මේ පිළිබඳව සොයා බැලීමේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් බවට හංවැල්ල පොලීසිය විසින් තහවුරු කරගෙන ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි හංවැල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සෙනරත් සුමනපාල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරයි.
.jpg)
.jpg)
.jpg)
තිලක් ඇල්විටිගල