ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19දා) යාපනයේ සංචාරයකට එක්වීමට යාපනය සෙන් පැට්රික් විදුහල වෙත පැමිණි අවස්ථාවේදී විදුහල අසළට රැස් වූ ‘දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය’ විසින් විරෝධතාවක් පැවැත්වීය.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, අතුරුදහන් වූවන් සොයා දෙන ලෙසත් ඉල්ලා ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ. එම අවස්ථාවට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පිරිසක් සහභාගි වී සිටියහ.
ශාන්ත පැට්රික් විදුහලේ විද්‍යාගාරයක් විවෘත්ත කිරීමට හා එම විදුහලේ නාන තටාකයකට මුල් ගල තැබීමට ජනපතිවරයා මෙසේ පැමිණියේය.
මෙහිදී උද්ඝෝෂකයන් පිරිසකට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.