හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22දා) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කෙරෙනු ඇත. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අදාළ නිල උත්සවය පැවැත්වෙන බව ජනපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කැරෙන ප්රථම හමුදා නිලධරයා වන්නේ ද සරත් ෆොන්සේකා මහතාය.
ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර ඔහු කිසි දිනක විශ්රාම නොයයි. ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්රසාද රැසක් ද හිමි වෙයි.
යුද හමුදාපති ධුරයේ රාජකාරි කරමින් සිටිය දී ජනරාල් ධුරයට උසස් කැරුණු ප්රථම යුද හමුදා නිලධරයා වන්නේද සරත් ෆොන්සේකා මහතාය.