ජනමාධ්‍ය අයිතීන් හා ප්රමිතීන් ස්ථාපිත කිරීම සඳහා මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, විද්වත් සංවිධානවල සහ මහජන අදහස් ලබාදී තිබූ කාලසීමාව හෙට (31දා) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණත් එය 2017 ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
විවිධ පාර්ශ්ව මගින් ලබාගන්නා අදහස් ස්වාධීන විද්වත් මණ්ඩලයකට යොමු කිරීමෙන් පසුව අවසාන කෙටුම්පත සකස් කිරීමට නියමිතය.
අධ්යක්ෂ ජනරාල්, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, අංක 163, කිරුළපන මාවත, නාරාහේන්පිට යන ලිපිනය, [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 0112-514753 ෆැක්ස් අංකයට අදහස් යොමු කළ හැකිය.