ශ්‍රී ලංකා ජාතික කොඩියේ කිසියම් වෙනස්කමක් සිදු කිරීමට අවැසි වන්නේ නම් ඒ වෙනුවෙන් රටේ ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවසීය.
පසුගියදා පැවැත්වූ උද්ඝෝෂණයකදී ශ්‍රී ලංකා ජාතික කොඩියේ පවතින සුළු ජාතීන් නිරූපණය කෙරෙන වර්ණ ඉවත් කරන ලද කොඩියක් භාවිත කිරීම සම්බන්ධයෙන් 'අද' කළ විමසීමකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
ජාතික කොඩියට සමාන, විකෘති කළ කොඩියක් භාවිත කිරීම වරදක්ද යන්න සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ කරුණු සඳහන් වීමක් නොවන අතර, කුමන තත්ත්වයකදී හෝ ජාතික කොඩිය වෙනස් කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවධාරණය කර ඇතැයිද හෙතෙම කීය.