ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) පොලොන්නරුව මහා රෝහලේ පැවති උත්සවයක් අවරණය කිරීම සදහා පොළොන්නරුවේ මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර ලබානොදීම හේතුවෙන් ඔවුන්ට ආපසු හැරී ඒමට සිදු විය.
එම රෝහලේ ඉදිකරන ලද නව ලේ බැංකුව විවෘර්ත කිරීමේ අවස්ථාවට ගිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් සදහා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බාධා කළේය. එසේම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කොට තිබූ මාධ්‍ය හැදුනුම්පතද එම නිලධාරින් ප්‍රතික්ෂේප කළේය. මෙය මාධ්‍ය නිදහස හෑල්ලුකළ අවස්ථාවක් බව පොලොන්නරු මාධ්‍යවේදීහු පැවැසූහ.
මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය යුතු යැයි මාධ්‍යවේදීන් සඳහන් කළයි.