ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පළමු චීන සංචාරය මේ සතියේදී ආරම්භවීමට නියමිත බව ඒ.එෆ්.පී. පුවත්සේවය කියයි. තෙදින නිල සංචාරයක් වන එය බදාදා දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව ශ්රී ලංකාව ඉන්දියාව හා සබඳතා තර කරගත් අතර චීනය සමඟ පැවැති සබඳතා තරමක් දුරට අඩුවී තිබේ.
ඒ.එෆ්.පී. පුවත් සේවය සඳහන් කරන්නේ මෙම සංචාරයේදී චීන ආර්ථික යෝධයා අසතුටට පත් නොකර තාවකාලිකව චීනයෙන් දික්කසාඳවීමට ජනපති මෛත්රීගේ අවධානය යොමුව ඇති බව විශේශඥයින් පෙන්වා දෙන බවයි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරයේදී ඔහු චීන ජනපති ෂී ජින්පිං මහතා හා ද්විපාර්ශ්වීය සාකච්චා පැවැත්වීමටද නියමිතය.