අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කලාප අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව දැනුම් දෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන පාසල්වල වහාම එම ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අභ්‍යන්තර පාලන හා ප්‍රවාහන) එම්.එල් ගම්මන්පිල මහතා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා පත්වී වසර දෙකක් ඉක්මවා ඇතත් පාසල් තුළ ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කර නැති බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ඒකකය විසින් PMD/SMD/PS/AD/03(PC) හා 2017 -04-06 දිනැති ලිපිය මගින් දන්වා ඇතැයි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාගේ අත්සනින් යවා ඇති ලිපියේ සඳහන් වෙයි.
කලාප කාර්යාලවලට අයත් පාසල්වල මේ වන තෙක් ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කර නොමැති නම් අවශ්‍ය ඡායාරූපය ලබාදීම සඳහා එම පාසල් ප්‍රමාණය හා අවශ්‍ය ඡායාරූප ප්‍රමාණය කොපමණද යන්න තමා වෙත දන්වා එවන ලෙසද එම ලිපිය මගින් එම්.එල් ගම්මන්පිල මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.