ජනපති මහින්දගේ ප්රචාරක කටයුතු හෙට සිට අරඹයි
මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙටින් (09) අරඹමින් .එක් නිවසකට තුන්වරක්. ගොස් දැනුවත් කිරීම් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ මස 12,13 සහ 14 යන දිනවලදී එහි පළමු වටය අරඹන බවත්, මේ මස 25, 26 සහ 27 යන දිනවලදී දෙවැනි වටයේ දැනුම්වත් කිරීමේ කටයුතු සිදුකරන බවත් එම පක්ෂය පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන ප්‍රධාන ජනරැලි 27ක් හා ප්‍රධාන ජනහමු 200ක් පැවැත්වීමටත්, ආසන මට්ටමින් ජනහමු 160ක්ද, ඡන්ද පොළ 12002 ක් කේන්ද්‍ර කරගෙන ග්‍රාමීය ජනහමු 14200ක්ද පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.
මේ අතර හෙට (09දා) සිට 18 වැනිදා දක්වා දිනවලදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් විභාගයට බාධානොවන අයුරින් කටයුතු කරන්නැයි සන්ධානයේ සියලුම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, කුමන දේශපාලන පක්ෂයක අයෙකු හෝ එවැනි බාධාකිරීමක් සිදුකළහොත් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් පවසා සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

