දෙවන එලිසබත් මහ රැජිණ, දීර්ඝතම කාලයක් ( වසර 63 ක් ) බ්‍රිතාන්‍ය කිරුළ දරා හිදිම වෙනුවෙන් ඊයේ (10දා) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබුණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇතුඑ පිරිස උත්සවයට එක්ව සිටියහ.