සිය තෙදින නිල සංචාරය ආරම්භකරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය ගුවන් යානකින් බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. මෙම සංචාරය තුළදී බංග්ලාදේශය සමග ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර එරට රජයේ ඉහළ පෙනේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරයට 22 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටියි..