සිය තෙදින නිල දකුණු කොරියානු සංචාරය නිමා කරමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (30දා) රාත්රී 11.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
හොංකොං සිට පැමිණි කතේ පැසිෆික් ගුවන් යානයකින් ජනපති දිවයිනට ළගාවිය. ශ්රී ලංකා දකුණු කොරියානු සබඳතා සඳහා වසර 40ක් පිරීම නිමිත්තෙන් දකුණු කොරියානු ජනපතිවරයාගේ ආරාධනාවක් අනුව ජනපතිවරයා සිය දකුණු කොරියානු සංචාරයට එක්විය.