සිය තෙදින නිල සංචාරය නිමවා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27දා) අලුයම දිවයිනට පැමිණියේය. සිංගප්පූරු ගුවන් සේවයට අයත් සාමාන්‍ය ගුවන් යානයකින් ජනපති දිවයිනට පැමිණියේය. ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවක් අනුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වෙයි.