මෛත්‍රීපාල සිරිසේනබ මහතා ජනපති තනතුරට පත්වූවාට පසුව ස්වාභාවික විපත් වැඩි වී ඇති බවත් ජනපතිවරණ සමයේදී ඔහු පැවැසූ දෑ පළිසන් දීමට පටන්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, අද (22) දහවල් අම්බලන්තොට උඩබැරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
“අද මේ රට බේරගත්තු රණවිරුවා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෙක් බවට පත්වෙලා. එල්.ටී.ටී.ඊ ත්රස්තවාදියා අද රණවිරුවෙක් බවට පත්වෙලා. රාජිත ඇමතිතුමාට එතුමා මේ රටේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියන එක එතුමාට අමතක වෙලාද කොහෙද. එතුමා මාධ්‍ය ප්‍රකාශක වෙච්චදා ඉඳන්ම රට, ජාතිය, ආණ්ඩුව පාවලා දෙන ජාතිවාදය අවුස්සන කථා තමයි කිව්වෙ. අපි ආණ්ඩුවට කියන්නෙ මේ සෙල්ලම නවත්තලා රට ගැන හිතලා තීන්දු තීරණ ගන්න කියලා.
නායකයෙක් වුණාම අනෙකුත් නායකයන්ට බොරුවට මඩගහන්න හොඳ නෑ. අනෙකුත් නායකයන්ට බොරු චෝදනා නගලා ඒ අයගේ චරිත ඝාතනය කරන්න හොඳ නෑ. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා රාජපක්ෂලා හොරු, ලැම්බොගිනි තියෙනවා රත්තරන් අශ්වයෝ තියෙනවා, හෙලිකොප්ටර් තියෙනවා, මාලිගා තියෙනවා කියලා. අද එතුමාගෙම ලේකම්වරයා පගාවක් ගන්නකොට කාර් පාක් එකේදී අහුවෙනවා.
මේවට තමයි කියන්නෙ බොරුවට මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කළාම පලිසන් දෙනවා කියන්නෙ. එතුමා එදා කිවුවා පාලකයා අධර්මිෂ්ට නම් රට විනාශ වෙනවා කියලා. අවේලාවට වහිනවා කිව්වා, මහා ගංවතුර එනවා කිව්වා, ජීවිත නැතිවෙනවා කිව්වා. එතුමා නායකයා වුණාට පස්සෙ වෙච්ච දේවල් බලන්න.
එතුමා නායකයා වුණාට පස්සෙ සිංහල අවුරුද්ද දවසේ මීතොටමුල්ලෙ කුණුකන්ද නාය ගියා. ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවුණා. ගිය අවුරුද්දෙ ගංවතුර ආවා. නාය ගියා 300කට වැඩිය ජීවිත ප්‍රමාණයක් නැතිවුණා ස්වභාවික විපත් නිසා. අරණායක නාය ගියා තාම මිනිස්සු කූඩාරම්වල. සාලාව කඳවුරේ සිද්ධියක් නිසා බෝම්බ පුපුරන්න පටන්ගත්තා. දේපළ, ජීවිත විනාශ වුණා.
අද කියනවා මේ සියල්ලම වෙන්නෙ හොඳකට ගංගා පිරෙනවා, වැව් පිරෙනවා, ඇළවල් පිරෙනවා කියලා. එතුමා වගකිවයුතු නායකයෙක් විදියට දැන්වත් විපක්ෂයේ ඉන්න අපිට මඩ නොගහා හිටියොත් හොඳයි මොකද ඕවා පස්සෙන් එනවා” යැයි පවසා සිටියේය