ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
දේශපාලන සෙල්ලමක් කර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තමන්ට තුන්වැනි වරටත් ඉදිරිපත් විය හැකි බවට සහ වසර හතරකින් පසු ජනාධිපතිවරණය පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයා සඳහන් කළත්, නාමයෝජනා බාරදුන් පසු එවැනි හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
දේශපාලන සෙල්ලමක් සිදුකර කඩිමුඩියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ලක්කර, ඒ සඳහා නීති තර්ක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ පිරිසට ප්‍රමාණවත් කාලයක් ලබානොදී, ඒ තුළින් ජනාධිපතිවරයාට තෙවැනි වරටත් ඉදිරිපත් විය හැකි බවට සඳහන් කිරීම තම පක්ෂය පිළිනොගන්නා බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, මේ අවස්ථාවේදී නීතිතර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබානොදුන්නත් ජනාධිපතිවරණයක් කැඳවා මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදුන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර කරුණු දැක්වීමට කටයුතු කරන බවයි.
එම කාලය එළඹෙන තෙක් ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය, ජනතාව දැනුවත් කරමින් මෙයට එරෙහිව විරෝධතා දැක්වීමක් සිදුකරන බවද ඔහු පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

