යම් යම් පිරිස් විවිධ ක්‍රමන්ත්‍රණ කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුර්වල කළහොත් ඒ හරහා විශාල විනාශයක් ඇතිවිය හැකි බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේනිසා ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශක්තිමත් කිරීමට ඡන්දය භාවිත කළ යුතු බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශක්තිමත් කිරීම හරහා රට හරි පාරේ ගමන් කරවීමට හැකියාව තිබෙන බවත්, එහෙත් යම් යම් කුමන්ත්‍රණ සිදුකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුර්වල කළහොත් එහි වාසිය වෙනත් පාර්ශ්වලට හිමිවන බවත් ඒ මහතා එහිදී පවසා සිටියේය.