තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සහභාගිවීම සඳහා තායිලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (07දා) දහවල් බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් එරටට ළඟාවිය.
ගුවන්තොටුපොළේදී තායිලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික අමාත්‍යවරයා ජනපතිවරයා පිළිගනු ලැබීය. විශේෂ හමුදා උත්තමාචාරද සහිතව එම පිළිගැනීම සිදු විය.
ආසියානු කලාපයට බලපාන විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපන, ආහාර සුරක්ෂිතතාව, බලශක්තිය සහ ජලය, සංස්කෘතික හා සංචාරක කර්මාන්තය සහ තිරසාර සංවර්ධනය ආදී ක්ෂේත්‍ර 20 ක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දෙවැනි දිනය වන 09 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.
ජනාධිපතිවරයා හෙට (08දා) තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රියුත් චාන් ඔ චා මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.