ජනපති කතාකරන්නෙ වෙන අයගෙ චිට් තියාගෙන - කෙහෙලිය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේදිකාවල කතාකරනුයේ විවිධ පුද්ගලයන් ලබාදෙන ‘චිට්‘වලට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(23දා) පැවසීය.
නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
ʻʻපාර්ලිමේන්තුවේ බැඳුම්කර විවාදය පැවැත්වෙන අතරතුරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රවී කරුණානායක මහතාට දුරකතන ඇමතුමක් ලබාදී සුභපතා තිබෙන බවමහනුවරදී ඊයේ පැවති එජනිස රැලියේදී ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදුකළේද තුණ්ඩු කෑල්ලක් අනුවයි.
එම ස්ථානයේ රැඳී සිටි හිතවතෙකු මා හට මේ බව දැනුම්දුන්නා. එම ප්‍රකාශය නිවැරදි කරන්නැයි හිතවතාට මා දැනුම් දුන්නද ඔහු එය නැවැරදි කර තිබුණේ නැහැ.
සිරිසේන මහතා ප්‍රකාශ කළ පරිදි බැඳුම්කර විවාදයක් පාර්ලිමේන්තුවේ නොපැවති බැවින් මා එම කරුණ නිවරදි කර ගැනීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට කතාකළා. එහිදී එවැනි විවාදයක් නොපැවති බව මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියා. ʼʼයැයි ද පවසා සිටියේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


