කොළඹ නගර සීමාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත කටවුට් නොමිලේ සවිකිරීමට ඉඩදීමෙන් කොළඹ මහ නගර සභාවට රුපියල් මිලියන 21 කට වැඩි ආදායමක් අහිමි වී ඇතැයි අද (27දා) පැවැති මහ සභාවාරයේදී පාලක පක්ෂය (එජාප) පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී දර්ශන රුවන් මහතා සඳහන් කළේ, මෙම සිදුවීමෙන් රජය අපකීර්තියට පත්වීමක් සිදුකර ඇති බවයි.